මඩු රක්ෂිතයේ කලක සිට කරගෙන ගිය දැව ජාවාරමක් ගැන හෙළිවී තිබෙනවා. ඒ බුරුත දැව කොටන් තොගයක් පැටවූ කන්ටේනරයක් අත්අඩංගුවට පත්වීමත් සමඟයි. මේ සමඟ සැකකරුවන්
දෙදෙනෙක් ද අත්අඩංගුවට
ගත් බවයි මඩුපාර අඩවි වන නිලධාරි කාර්යාලය පැවසුවේ. අද (31) අත්අඩංගුවට ගත් මෙම බුරුත දැව කඳන් තොගයේ වටිනාකම ලක්ෂ හතරක් පමණ වනවා.
මෙම බුරුත දැව ජාවාරම දිගු කලක පටන් සුක්ෂමව කරගෙන ගොස් තිබෙනවා. විශාල කන්ටේනරයක් තුළ බුරුත කොටන් අසුරා එය මතු පිට දහයියා පිරවූ උර 50කින් පමණ වසා යාපනය බලා ප්‍රවාහනය කරමින් සිටියදීයි මඩුපාර
රක්ෂිතයේ මුල්ලිකුලම් ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙම දැව ජාවාරම සිදුකල ව්‍යාපාරිකයා සහ ඔහුගේ සහායකයාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
EmoticonEmoticon