ඉලක්කය වුණේ වාර්තාව නොවේ ආරම්භයයි

8:09 PM
පාකිස්තානු පිලට එරෙහිව මහනුවර, පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයේදී පන්දු 17 කදී අර්ධ ශතක සම්පූර්ණ කරමින් තරගයේ වීරයා වූ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා පැවසුවේ තමන්ට වාර්තාවක් පිළිබඳ අදහසක් නොතිබුණු බවත් හො`ද ආරම්භයක් ලබාදීම එකම අරමුණ බවට පත්වූ බවයි.

”ඇත්තටම එහෙම අදහසක් තිබුණේ නෑ. මම බැලූවේ වාර්තාවට යනවට වඩා හොඳ ආරම්භයක් හදලා ඉලක්කයට යන්න පහසු කරන්න. පසුව තමයි දැනගත්තේ එක පන්දුවකින් ලෝක වාර්තාව නැති වෙලා කියලා”

”අපිට තිබුණු ඉලක්කය විශාල එකක්, මමයි ඩිල්ෂානුයි වේගයෙන් පන්දුවට පහර දෙන්න කටයුතු කළා. පළමු  ඕවර 10 න් පසුව අධිවේගී  ඕවර අවසන් වන නිසා අපි හිතාගත්තා එම  ඕවර 10 යේදී වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න”

”පාකිස්තානු පන්දු යවන්නන් ඉතාමත් හොඳයි. නමුත් මට අවශ්‍ය නෑ පන්දු යවන්නන්ගේ නම් ගැන හිතලා පන්දුවට පහර දෙන්න. මම පන්දුව හොඳට බලලා පන්දු යවන්නාට අභියෝගයක් යොමු කරන්න පමණයි කටයුතු කරන්නේ”

පාකිස්තානු ‘ඒ’ සංචාරයේදී ලකුණු අතර සිටිය ද ටෙස්ට් තරගාවලියේ අවස්ථාව නොලැබීම පිළිබඳව කළ විමසුමකදී කුසල් මෙසේ පැවසීය.

”මට ලැබුණ අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජනය ගත්තා. මම ඒ ගැන වැඩිය හින්නේ නෑ. තේරීම් කමිටුව බලයි. හරි වෙලාවේදී අවස්ථාව ලැබෙයි කියලා හිතනවා”

”පසුගිය සති කීපයේ පොඩි පසු බෑමක් තිබුණා. නමුත් මම පුහුණුවීම් කරගෙන ගියා. මම උත්සහ කරන්නේ මගේ සාමාන්‍ය පන්දුවට පහර දීම කරන්නයි. පාකිස්තානු ‘ඒ’ සංචාරයේත් මම ලකුණු අතර සිටියා. මට උපදෙස් ලැබෙන්නේ පීඩනයක් දාගන්නේ නැතුව මම දන්න දේ කරන්න කියලා”

”මම හැමවෙලාවෙම බලන්නේ කණ්ඩායමට දෙයක් කරන්න. ඇතැම් දිනවලට පොඩි පොඩි අඩුපාඩු වෙනවා. මම හිතන්නේ ඒක ක‍්‍රීඩාවේ හැටි”


lankadeepa

Share this

Related Posts

Previous
Next Post »