ලොව හිටපු බලවතෙකුට අනතුරක්

7:43 PM
අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ  ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ් මහතා නිවසේදී ඇද වැටී බෙල්ලේ අස්ථියක් බිඳීම නිසා රෝහල් ගත කර තිබේ.

මෙම අනතුරින් ඔහුගේ තත්ත්වය බරපතළ නැතත්, කෙටි කලක් රෝහල්ගතව සිටිය යුතු බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයා පවසා ඇත.

ඔහු අමෙරිකාව මීට පෙර පාලනය කළ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ජනාධිපතිවරයාගේද පියා වන අතර, අනතුරට පත්වන විට හෙතෙම පාකින්සන් නැමැති රෝගයෙන් පෙළෙමින් සිටි බව පැවසෙයි.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයා පසුගිය වසරේ සිය 90 වැනි උපන්දිනය සැමරුවේ ගුවන් කරණමක්ද ගසමිනි.

එනමුදු, පසුගිය වසර අවසානයේදී ශ්වසන ආබාධයක් හේතුවෙන් ඔහු රෝහල් ගත‍ කෙරිණ,

Share this

Related Posts

Previous
Next Post »