පසුව තරුණයාගෙන් වෙන්ව ගිය මෙම සිසුවිය මේ වසරේ ජනවාරි මස දෙමාපියන්ගේ අවසරය මත වෙනත් තරුණයකු සමග විවාහ වී ඇති අතර පසුව අනුරාධපුරයේ දී මේ දෙදෙනා යළිත් හමුවී ඇත්තේ දැඩි විරසකයක් ද ඇතිවයි.
තමන්ව අනුරාධපුර දී යළිත් හමුවූ මේ සරසවි ප්‍රේමවන්තයා බලහත්කාරයෙන් ලිංගිකව එක්ව ඡායාරූප ගත් බව පවසන වෛද්‍ය සිසුවිය, එම ඡායාරූප පසුගිය අප්‍රේල් මාසයේ 28 වන දා ඔහුගේම පුද්ගලික ෆේස්බුක් ගිණුමින් ඒවා ප්‍රසිද්ධ කර ඇති බව රහස් පොලිසියේ පරිගණක අංශයේ ස්ථානාධිපතිවරයා වෙත පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව සැකකාර සිසුවා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත ඊයේ (29) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
EmoticonEmoticon