සනත්ගෙන් මාලිංගට කනේ පහරක්

6:30 AM
පාකිස්තානය සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්සේ තරග සඳහා දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න වෙනුවට නවක ක‍්‍රීඩකයින් කැඳවූයේ මන්දැයි එම කණ්ඩායමේ නායක ලසිත් මාලිංග අද කරුණු පැහැදිලි කළා. ඒ, කොළඹ පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි. 
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම තේරීම් කමිටු සාමාජිකයෙකු ද වූ සනත් ජයසූරිය පැවසුවේ දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමෙන් ඉවත් කිරීම අනුමත කළ නොහැක්කක් බවයි. විදෙස් මාධ්‍යයක් සමග සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
සනත් ජයසූරිය මෙහිදී කියා සිටියේ දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමෙන් ඉවත් කිරීම ලසිත් මාලිංගගේ උවමනාවක් අනුව සිදුවී ඇති බවයි. මෙම උවමනාව කලක් තිස්සේම මාලිංගට තිබූ බවද සනත් ජයසූරිය කියා සිටියා. 
ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී හෙට පැවැත්වීමට නියමිතයි.    

 

Share this

Related Posts

Previous
Next Post »