ශ්‍රී ලංකාවේ රෝහලකදී නීති විරෝධී වකුගඩු බද්ධ කිරීම නිසා පස් දෙනෙකු ඉන්දීය අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට

6:35 AM
ශ්‍රී ලංකාවේ රෝහලකදී නීති විරෝධී වකුගඩු බද්ධ කිරීමකට සම්බන්ධ එකම පවුලේ පුද්ගලයින් පස් දෙනෙකු ඉන්දීය අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔදිස්සා බර්හැම්පූර් ප්‍රදේශයේ පවුලක කාන්තාවක ඇතුළු සාමාජිකයින් පස්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.

කොළඹ ප්‍රදේශයේ රෝහලකදී මෙම වකුගඩු බද්ධ කිරීම සිදුකර ඇති අතර විසි හැවිරිදි තරුණයෙකු විසින් ඔහුගේ වකුගඩුවක් අත්අඩංගුවට ගත් පවුලේ සාමාජිකයෙකුට ඉන්දීය රුපියල් ලක්ෂ තුනහමාරක මුදලකට විකුණා ඇති බව සඳහන්ය.

අදාළ තරුණයා එම පවුලේ ඥාතියෙකු බවට පෙන්වීම සඳහා ව්‍යාජ ලියකියවිලි සැකකරුවන් විසින් සකස් කර ඇති අතර ඒවා යොදාගනිමින් ගමන් බලපත්‍රයක් ද සකස් කර තිබේ.

මෙම නීති විරෝධී වකුගඩු බද්ධ කිරීම ඉන්දියාවේ රෝහලකදී සිදුකිරීමට සැකකරුවන් උත්සාහ දරා ඇති අතර එය අසාර්ථක වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ රෝහලක් ඒ සඳහා තෝරාගෙන ඇති බව ඉන්දීය අපරාධ විමර්ශන අංශය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
(www.adaderana.lk)


Share this

Related Posts

Previous
Next Post »