ගම්පොල සහ ගෙලිඔය අතර ප්රදේශයේදී දුම්රිය මාර්ගයට ඉහළ මාර්ගයේ ගමන් ගත් ලොරි
රථයක් දුම්රිය මාර්ගයට පෙරළී ඇත. අද (02) පෙරවරුවේ සිදුවූ මෙම අනතුරින් ලොරි රථයේ ගමන් ගත් විසිදෙදෙනෙකු(22) තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස අනතුරට මුහුණ දී ඇත්තේ වන්දනා චාරිකාවක යමින් සිටි මැදිරිගිරියේ පදිංචිකරුවන් පිරිසක්.
ඔවුන් ගම්පොල ප්රදේශයේ සිද්ධස්ථාන වන්දනාවට යන අතර තුර අනතුරට ලක්ව
තිබෙනවා. ලොරි රථයේ රියදුරට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලීසිය පවසන්නේ.
අනතුර හේතුවෙන් පැය එකහමාරක පමණ කාලයක් උඩරට දුම්රිය මාර්ගයේ
දුම්රිය ගමනාගමන කටයුතු ප්රමාද වූ බවයි දුම්රිය ප්රධාන පාලක මැදිරිය සඳහන් කළේ.
(ඡායාරුප - hiru news)
EmoticonEmoticon